Search

අතුරු මැතිවරණ දෙකක් සදහා වික්ටෝරියානුවන් ඡන්දය දෙන්න යයි

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අතුරු මැතිවරණ දෙකක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ Werribee සහ Prahran මැතිවරණ බල ප්‍රදේශ නියෝජනය කිරීම සදහා නව සභිකයන් දෙදෙනෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙනුයි.

මෙම මැතිවරණ බල ප්‍රදේශ දෙකේ පවතින පුරප්පාඩු හේතුවෙනුයි අතුරු මැතිවරණ දෙකක් පැවැත්වීමට තීරණය කර ඇත්තේ.

අද මෙල්බන් වේලාවෙන් පෙරවරු 8.00 ට පමණ අදාළ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වුණා.

1976 වසරේ සිට Werribee මැතිවරණ බල ප්‍රදේශයේ ජය හිමි කර ගෙන තිබුණේ පාලක කම්කරු පක්ෂය විසිනුයි.

කෙසේ වෙතත් 2014 වසරේ සිට අඛණ්ඩව Prahran හි බලය තහවුරු කරගැනීමට සමත් වූයේ Green පක්ෂය විසින් බවයි සදහන් වන්නේ.

මෙල්බන් වේලාවෙන් අද සවස 6.00 ට අදාළ ඡන්ද විමසීම අවසන් වීමට නියමිතයි.