
සංචාරකයන්ට 2025 වසරේ ඔස්ට්‍රේලියාවේ හොඳම වෙරළ 10 පිළිබඳ අනාවරණයක් කර තිබෙනවා.
ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ටස්මේනියාවේ ගිනි බොක්ක (Bay of Fires, Tasmania) වෙරළ තීරය යි.
එම වෙරළ තීරය ඡායාරූපකරණය, පින්තාරු කිරීම, මසුන් ඇල්ලීම සඳහා ම සැකසී ඇති අතර ටස්මේනියානු වෙරළ තීරයක් ලැයිස්තුවේ ඉහළම ස්ථානය පැමිණි පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

දෙවැන්න නිව් සවුත් වේල්ස්හි වුල්ගුලා (Woolgoolga, NSW)
වෙරළට ද තුන් වැන්න නෝර්ෆොක් දූපතේ එමිලි බේ කලපුව ටද (Emily Bay Lagoon, Norfolk Island) හිමිව තිබීම විශේෂත්වයක්.

හතර වන තැන ක්වීන්ස්ලන්ඩ්හි ගෝල්ඩ් කෝස්ට් හි උතුරු කිරා වෙරළ (North Kirra Beach, Queensland) වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ පිලිප් දූපතේ කෝව්ස් වෙරළ තීරය (Cowes Beach, VIC) ලබාගෙන ඇත්තේ 10 වන ස්ථානයයි.
මේ අතර ලොව හොඳම වෙරළ තීර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ බව පවසන සංචාරක අමාත්‍ය දොන් ෆැරල් කියාසිටියේ 2025 ඔස්ට්‍රේලියා වෙරළ ලැයිස්තුව ඒ බව මනාව තහවුරු කරන බවයි.