Search

ට්ම්ප් පිටුවහල් කළ ඉන්දීය සංක්‍රමණිකයන් රැගෙන ගියේ මෙහෙමයි.

අමරිකාවෙන් පිටුවහල් කළ ඉන්දීය සංක්‍රමණිකයන් පිරිසක් ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයට එරෙහිව හඬ නගා තිබෙනවා.

පසුගිය බදාදා එක්සත් ජනපදයේ ගුවන් හමුදා යානයකින් ඉන්දීය සංක්‍රමණිකයන් සිය දෙනෙකු උතුරු ඉන්දියාවට ගොඩබස්සවා ඇති බව මාධ්‍ය වාර්තාවල පළවුණා.

එහිදී තමන් අපරාධකරුවන් මෙන් විලංගු ලා පැය 40 කට ආසන්න ගුවන් ගමනකින් පසු ඉන්දියාවට පැමිණි බවයි ඔවුන් කියාසිටියේ.

පිටුවහල් කිරීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවට අයත් යානා යොදාගැනීම ට්‍රම්ප්ගේ නව අණක් බවයි ඔවුන් චෝදනා කළේ.

ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයන් මර්දනය කිරීමේ ක්‍රියාවට විරෝධය පළකරමින් අද ඉන්දීය පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත් වූ අතර එහිදී ඇතමුන් අත්විලංගු පැළඳ සිටි අතර සමහරු ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මිත්‍රත්වය සමච්චලයට ලක් කර තිබෙනවා.

කෙසේවෙතත් ඉන්දීය තානාපති කාර්යාලය පිටුවහල් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ නීති විරෝධී සංක්‍රමණය නැවැත්වීමට රජය සහයෝගය ලබාදනෙ බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »