
වෙඩි වැදී තුවාල ලැබූ තරුණයෙකු පිළිබඳ සිඩ්නි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
17 හැවිරිදි මෙම තරුණයා ඊයේ රාත්‍රීයේ බෑන්ක්ස්ටවුන් රෝහලට ඇතුලත් වී ඇත්තේ සිය 18 හැවිරිදි යහළුවෙකු සමඟයි.
ජීවිත තර්ජනයක් නොමැති අතර ඔහුගේ දකුණු පාදයටයි වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ.

සිද්ධිය පිළිබඳ පොලීසිය ප්‍රශ්න කළ ද ඔවුන් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළ බැවින් ඔහුගේ මිත්‍රයා අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදුව තිබෙනවා.
අධිචෝදනා ලැබිය හැකි වරදක් වසන් කිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීම සහ අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වීම ඔහුට එරෙහි චෝදනායි.

ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර ඔහු අද ප්‍රාදේශීය අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පරීක්ෂණවලදී එල්ඩ්රිජ් මාර්ගයේ සහ ආටෙගල් වීදියේ කෙළවර නවතා තිබූ බ්ලූ නිසාන් පල්සර් රථයක් පොලීසියට හමුවී තිබෙනවා.