Search

බටහිර ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවය අර්බුදයක

health

බටහිර ඔස්ට්‍රේලියාව තුළ විදේශීය නොව දේශීය සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායක් පුහුණු කිරීමේ අවශ්‍යතාවය වෛද්‍ය සංගමය අවධාරණය කරනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ සෞඛ්‍ය සේවාව තුළ මේවන විට විශාල වශයෙන් සංක්‍රමණික ශ්‍රමිකයන් පිරිසක් සේවය කරන බවයි.

රට ස්වයංපෝෂිත වීමට නම් ඔස්ට්‍රේලියානුවන් මේ සඳහා පුහුණු කරන ලෙස ඔවුන් රජයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ මේ වනවිට පවතින සෞඛ්‍ය සේවකයන් හිඟවීමේ ගැටළුව විපක්ෂයේ මෙන්ම රජයේද ප්‍රධාන මැතිවරණ මාතෘකාවක් වී ඇති බව සඳහන්.

හෙද නිළධාරී හිඟය, හදිසි උපකාරක සේවා හිඟය, සෞඛ්‍ය සේවයේ ඇති ගැටළුවලින් කිහිපයක්.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය සේවාවේ ඉහළ යන පිරිවැය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සහ ඇතැම් ඖෂධ අත්හැරීමට ද බල කෙරුණු බවයි වාර්තා වන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »