Search

දකුණු ආසියානු රටකට දුන් ඔස්ට්‍රේලියා Student Visa වල අඩුවක්

2024 වසරේ ඉන්දියානුවන්ට ඔස්ට්‍රේලියාවෙන් අඩු Student Visa ප්‍රමාණයක් ලබාදී ඇතැයි පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

පසුගිය වසරේ පළමු කාර්තු 3 තුළ ඔස්ට්‍රේලියාව මෙන්ම කැනඩාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය පෙර වසරවලට සාපේක්ෂව ඉන්දියානුවන්ට Student වීසා ලබාදීම අඩු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

රටවල් කිහිපයක සංක්‍රමණික ප්‍රතපත්ති වෙනස්වීමද මීට හේතුවී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව මැඩලීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ ඉන්දියානු වීසා බලපත්‍ර සියයට 46 කින් ද කැනඩාවේ සියයට 72 කින්ද පහත දමා ඇති බව මාධ්‍ය වර්තා පෙන්වාදෙනවා.

යැපෙන්නන් ආනයනය කිරීම තහනම් කිරීමේ අරමුණින් එක්සත් රාජධානිය සියයට 38 කින් ද අමරිකාව සියයට 49 කින් ද වීසා නිකුත් කිරීම අඩාල කර ඇතැයි සඳහන්.

ඉන්දියානු සිසුන් විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට ඇති දැඩි උනන්දුව මත ඔවුන් මේ වනවිට නව ප්‍රවේශයන් ලෙස ජර්මනිය වැනි රටවල් සඳහා පෙළඹී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »