
2026 ජාතික ෆුට්බෝල් ලීග් තරඟාවලියේ සත්කාරකත්වය පළමු වරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට හිමිව තිබෙනවා.
එය මෙල්බනයේ එම්.සී.ජී. ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි බලධාරීන් කියාසිටියේ.
මෙහිදී නිත්‍ය තරඟ වාර 8 ක් සැලසුම් කර ඇති බවද ඔවුන් සඳහන් කළා.

NFL ඉන්ටර්නැෂනල් ආයතනයේ කාර්යාලයක් වසර තුනකට ආසන්න කාලයක සිට ඔස්ට්‍රේලියාවේ පවත්වාගෙන යන අතර මෙම සත්කාරකත්වය පිළිබඳ එහිදී කටයුතු කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියාහි ප්‍රිමියර් ජසින්ටා ඇලන් ප්‍රකාශ කළේ වික්ටෝරියාව NFL නිත්‍ය තරඟාවලියක් පැවැත්වූ පළමු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වික්ටෝරියාව බවයි.

මෙය මෙල්බනයේ රැකියා අවස්ථා, ව්‍යාපාර වැඩිදියුණු කිරීමට හොඳ අවස්ථාවක් මෙන්ම රසිකයන්ට අමරිකානු පාපන්දු ක්‍රීඩා දැක බලා ගැනීමට හැකි වන බවද ඇය කියාසිටියා.
ජාතික ෆුට්බෝල් ලීග් තරඟාවලි මේ වනවිට ලන්ඩන්, මියුනිච්, ෆ්රැන්ක්ෆර්ට්, සාඕ පවුලෝ, මෙක්සිකෝ සිටි සහ ටොරොන්ටෝ හි පවත්වා තිබෙනවා.