
තරුණ වික්ටෝරියානුවන්ට රැකියාවක් සොයා ගැනීමේ වන අපහසුතා මගහරවා ගැනීම සඳහා ප්‍රාන්ත රජය විසින් නවතව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අවුරුදු 15 සිට 29 දක්වා තරුණයින් සඳහා මාස 12 ක වැඩසටහනක් යටතේ නොමිලේ රැකියා පුහුණුවක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
සියලු පුහුණු වීම් රජයේ බලයලත් පුහුණු නියෝජිතයින් හරහා සිදුවනු ඇති.

Parkville College හි මෙම වැඩසටහන පැවැත්විමට පියවර ගෙන ඇති අතර රැකියාවට අයදුම්පත් යොමු කිරීමේ සිට අවශ්‍ය සෑම උපදෙසක්ම මෙන්ම වෘත්තීය පුහුණුවක් ද මේ හරහා හිමිවන බව දැනුම් දී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ට පමනක් නොව වික්ටෝරියා හි සිටින සංක්‍රමණිකයින්ට පවා මේ සඳහා අයදුම් කළ හැකියි.

මේ සඳහා වැඩිදුර තොරතුරු [email protected] ලිපිනයෙන් හෝ 1300 208 575 යන දුරකතන අංකය හා සම්බන්ධ වීමෙන් තොරතුරු ලබා ගත හැකියි.