
ඔස්ට්‍රේලියාවේ යෞවනයන් තුළ ලිංගික අධ්‍යාපනය පිළිබඳ අඩු දැනුමක් පවතින බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
එඩිත් කෝවන් විශ්ව විද්‍යාලය (ECU) සිදුකළ අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ එකිනෙකාගේ කැමැත්ත, අනෙකාගේ ගෞරවය, ධනාත්මක ලිංගිකත්වය වැනි දෑ පිළිබඳ අවබෝධය දරුවන්ට නොමැති බවයි.
රට තුළ ලිංගික හිංසනයන් වැලැක්වීමේ ජාතික මෙහෙවරක් ලෙස ලිංගික අධ්‍යාපනයට ප්‍රායෝගික ප්‍රවේශයක් ලබාදිය යුතු බව ඔවුන් පෙන්වාදෙනවා.

අවුරුදු 11 ත් 17 ත් අතර පසුවන යෞවනයන් 49 දෙනෙකු යොදා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන් පවසා ඇත්තේ ලිංගික අධ්‍යාපනය විෂය මාලාවට එක්කිරීම සුදුසු බවයි.
සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනගා ගැනීමට ආරක්ෂාකාරී මෙවලම් අවශ්‍ය වුවද ඒවායේ හානිකර තත්වය පිළිබඳ දැනුමක් යෞවනයන්ට ලබාදීමට අවශ්‍ය බවයි පර්යේෂකයින් සඳහන් කළේ..

සන්නිවේදනය, අනුකම්පාව සහ චිත්තවේගීය කාරණා මත එකිනෙකා අතර සම්බන්ධතාවය පවත්වාගැනීමේ ජීවන දැනුම ද දරුවන් තුළ ඇති කළ යුතු බව විශ්ව විද්‍යාල පර්යේෂකයින් අවධාරණය කළා.