Search

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම පීසා සමාගමෙන් දුක හිතෙන පුවතක්

domino

ලොව පුරා ඇති ඩොමිනෝස් පීසා වෙළඳසැල් විශාල ප්‍රමාණයක් වසා දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අමරිකාව පදනම් කරගෙන බිහිවූ ඩොමිනෝස් මව් සමාගමේ දෙවන සමාගම වන ඔස්ට්‍රේලියානු ඩොමිනෝස් සමාගමට අයත් ලොව පුරා වෙළඳසැල් 200 කට අධික සංඛ්‍යාවක් මෙලෙස වසා දමා ඇති බවයි සඳහන් වන්නේ.

ඒවායින් බොහොමයක් ජපානයේ වන අතර ඩොමිනෝස් වෙළඳසැල් 172ක් එහිදී වසා දමා තිබෙනවා.

COVID-19 වෛරසයට පෙර ඩොමිනොස්හි විකුණුම් ඉහළ ගිය නමුත් පසුව ඉල්ලුම පහත වැටීම, පිරිවැය ඉහළ යෑම වැනි හේතූන් මීට බලපෑ බවයි සමාගම පෙන්වාදෙන්නේ.

ලොව පුරා ඩොලර් මිලියන 20 ක විකුණුම් අලාභයක් තිබියදීත් යුරෝපයේ ඩොමිනෝස් පීසා අලෙවිය සාර්ථක බව ඔවුන් කියාසිටියා.

එමෙන්ම සිංගප්පූරුව, තායිවානය සහ මැලේසියාවේ ධනාත්මක වර්ධනයක් පැවතුනද ජපානයේ පාඩුව ආසියානු කලාපයේ සමාගමට ඩොලර් මිලියන 45 ක් බව සඳහන්.