
මෙල්බන්හි බියුමාරිස් ප්‍රදේශයේ නිවසකින් මෝටර් රථ තුනක් සොරාගෙන තිබෙනවා.
සී.සී.ටී.වී. හි දැක්වෙන්නේ පුද්ගලයන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම මෙම සොරකම සිදු කර ඇති බවයි.
නිවසේ ඇති සුනඛයන් සඳහා වන දොරටුවෙන් ඇතුළු වී ඇති මෙම පිරිස මුදල් පසුම්බිය, ඔරලෝසු මෙන්ම මෝටර් රථ තුනක් සොරා ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒවා නම් කළු පැහැති MX5 මෝටර් රථය, රිදී පැහැති Audi Q5 මෝටර් රථය සහ කළු පැහැති BMW X3 මෝටර් රථ යි.
සිද්ධිය සම්බන්ධයෙන් ෆෙඩරල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වන අතර තොරතුරු දන්නේ නම් අපරාධ විමර්ෂන අංශය අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර සොරුන් අත්අඩංගුවට පත්වුවත් නිසි දඬුවමක් නොමැති වීම හේතුවෙන් කිසිම ප්‍රතිඵලයක් නොමැති බව නිවෙස් හිමිකරු චෝදනා කරනවා.