Search

ක්වින්ස්ලන්ඩ්හි ගුවන් තොටුපළක් වැසේ – ගුවන් ගමන් අවලංගුයි

අධික වර්ෂාපතනයෙන් උතුරු ක්වින්ස්ලන්ඩ් හි ගුවන් තොටුපළක් වසා දමා තිබෙනවා.

විට්සන්ඩේ වෙරළ ගුවන් තොටුපළේ මේ වනවිට ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි මාධ්‍ය වාර්තා කියාසිටියේ.

මේ වනවිටත් ක්වින්ස්ලන්ඩ්හි ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ කාර්යංශය අනාවැකි පළකළා.

එය පැය 24 පුරා මිලිමීටර් 250 කට අධික වර්ෂාපතනයක් බවයි ඔවුන් කියාසිටියේ.

කුක්ටවුන් සිට එයාර්ලි බීච් දක්වා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් ද ඇතැවිය හැකි බවද ඔවුන් සඳහන් කළා.

ගලවා ගැනීමේ බෝට්ටු සහප SES භටයන් ප්‍රදේශ වෙත යොදවා ඇති බව බලධාරීන් පැවසුවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »