Search

වික්ටෝරියාවේ ගෑස් අර්බුදය උග්‍ර වේ? විදුලි බිලත් වැඩිවීමේ අවදානමක්

වික්ටෝරියාව තවදුරටත් ගෑස් අර්බුදයකට ලක්වනු ඇතැයි මත පළවනවා.

ඒ හේතුවෙන් විදුලිබල පද්ධතියේ හිඟයක් මෙන්ම විදුලි බිල උග්‍ර ලෙස ඉහළ යාමේ අවදානමක් වික්ටෝරියාට බලපානු ඇති බවයි බීච් එනර්ජි ගෑස් සමාගම කියාසිටියේ.

රටේ විශාලතම ගෑස් පරිභෝජකයන් සිටින වික්ටෝරියාවේ මිලියන 2 කට අධික පවුල් සහ ව්‍යාපාරවලට මෙම බලපෑම් දැඩිව දැනෙනු ඇති බවයි සමාගම පෙන්වාදෙන්නේ.

නවසීලන්තයේ ද ප්‍රමාණවත් ගෑස් සංචිත සහ අඩු ජල උත්පාදනය හේතුවෙන් පසුගිය වසරේ විදුලි මිල ඉහළ ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන කර්මාන්ත වසා දැමුණු බව ඔහු අවධාරණය කළා.

නව ගෑස් ව්‍යාපෘති ආරම්භ නොවීම, දැනට පවතින ගෑස් ක්ෂේත්‍රවල නිෂ්පාදන ගැටළු, පරිභෝජනයේ වැඩිවීම සහ සැපයුමේ අඩුවීම හේතුවෙන් වික්ටෝරියාව කලක පටන් ගෑස් අර්බුදයකට ලක්ව සිටිනවා.

ඒ හේතුවෙන් පුනර්ජනනීය බලශක්තියට මාරුවීමට පසුගියදා රජය තීරණය කළද ඊටද වැඩි ගෑස් සැපයුමක් අවශ්‍ය බව කම්කරු ප්‍රාන්ත රජය මේ වනවිට තේරුම් ගෙන ඇති බවයි බීච් එනර්ජි ගෑස් සමාගම පෙන්වාදෙන්නේ.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියා රජය නව නිවාසවලට ගෑස් තහනම් කර විදුලි උපකරණ වෙත මාරු වීමට බලකළ අතර දැනට ගෑස් භාවිත කරන නිවාස සහ ව්‍යාපාරවලට ඉන් ඉවත්වන්නැයි ඉල්ලීම් කළා.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »