
වැඩිහිටියෙකු නවසීලන්තයේ ප්‍රසිද්ධ පිහිනුම් තටාකයක, ළමා තටාකයේ අප්‍රසන්න ලෙස ස්නානය කරන වීඩියෝවක් ෆේස්බුක් හරහා වෛරල් වී තිබෙනවා.
ඔහු ළමුන්ගේ තටාකයේදී සබන් ගා ඉතා අප්‍රසන්න ලෙස ශරීරය පිරිසිදු කරමින් සිටින අතරතුර දෙමාපියන්ගේ දැඩි විරෝධය හමුවේ ඔහු අල්ලා ගැණුනා.
ළමා තටාකයේ සිටි දරුවන් සියලුදෙනා ද හැකි ඉක්මනින් ඉන් පිටතට ගැනීමටයි දෙමව්පියන් කටයුතු කර ඇත්තේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව දහස් ගණනක් ආකර්ෂණය කර ගත් අතර නරඹන්නන් විශාල ප්‍රමාණයක් එය පිළිකුල් සහගත බවට චෝදනා එල්ල කර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් එකිනෙකා විවිධ අදහස් දරණ අතර අයෙකු පැවසුවේ තම ජල බිල ඉතිරි කර ගැනීමේ අරමුණින් ළමා තටාකවල ගාස්තුව ඉතා අඩු බැවින් ඔහු එම තීරණය ගෙන ඇති බවයි.

කෙසේවෙතත් මහජනයා විශාල වශයෙන් ගැවසෙන ප්‍රසිද්ධ පිහිනුම් තටාකවල දියනෑමෙන් බොහෝවිට කුෂ්ඨ රෝග, වමනය, රුධිර ආසාදන වැනි රෝග ඇතිවීමේ අවදානමක් පවතිනවා.