Search

ඔබත් පැය 48ට වැඩියෙන් වැඩ කරන Student කෙනෙක් ද? මේ අනතුරු ඇගවීම ඔබටයි

Student වීසා යටෙත් මෙරට රැදි සිටින විදෙස් සිසුන්ට  රැකියා සඳහා ලබා දි ඇති පැය ගණන ඉක්මවා සේවයේ යෙදෙන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය දැනුම් දී තිබෙනවා.

සාමාන්‍යයෙන් වීසා හිමියන් සඳහා සති දෙකක කාලසිමාවක් සඳහා වැඩ කළ හැකි උපරිම පැය ගණන පැය 48ක් වනවා.

නමුත් එම සීමාව ඉක්මවමින් ජාත්‍යාන්තර සිසුන් රැකියා වල නිරත වන බවයි අනාවරණය වී ඇත්තේ.

විශේෂයෙන් පළමු සතියේ පැය 15ක් දෙවන සතියේ පැය 30ක් ලෙස පැය 45 සම්පූර්ණ කළ හැකියි.

තවද ජාත්‍යන්තර සිසුන් වැඩි දෙසෙක් Uber ටැක්සි රියදුරන් ලෙස පැය 45 ඉක්මවා සේවක කර ඇති බවයි අනාවරණය වන්නේ.

Student වීසා කොන්දේසි උල්ලංඝනය කරණ ශිෂ්‍යයින්ට මෙරට රැදි සිටිමට කිසිදු අවසරයක් නොමැති අතර පිටුවහල් කිරීම් ද සිදුවිය හැකි බව වැඩිදුරටත් සඳහන්.