
ශ්‍රී ලංකාවේ සිදුකර ඇති හාස්‍යජනක ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් අදහස් දක්වා තිබෙනවා.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී ඇත්තේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කර තිබූ බවයි.
මෙම ව්‍යාපෘතියට ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9 ක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වියදම් කර ඇතැයි ද ඊලෝන් මස්ක් අනාවරණය කලා.

මෙම ආකාරයෙන් අනවශ්‍ය ලෙස වියදම් කළ තවත් ව්‍යාපෘති රාශියක් තිබෙන බවද ඔහු අවධාරණය කරනවා.
තවදුරටත් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් මස්ක් කියාසිටියා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීයව තිබෙන සියලුම කාර්යාලවල සේවකයන් විශාල පිරිසක් අද (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගියදා නියෝග කරනු ලැබුවා.