
උතුරු ක්වීන්ස්ලන්ඩ් හි පවතින ගංවතුර තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ප්‍රවාහන මාර්ග ඇනහිටීම නිසා රට පුරා ඇති සුපිරි වෙළඳසැල්වල කෙසෙල් හිඟයක් පවතින බව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
උතුරු ක්වීන්ස්ලන්ඩ් හි පමණක් රටේ කෙසෙල් නිෂ්පාදනයෙන් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් සපයනු ලැබීම මීට හේතුවයි.
බෲස් අධිවේගී මාර්ගය ඔස්සේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා වැනි ප්‍රාන්තවලට පලතුරු ප්‍රවාහනය කරන අතර පවතින ගංවතුර තත්වය හේතුවෙන් එම ප්‍රවාහන සේවා සියල්ල ඇන හිට තිබෙනවා.

ගංවතුර තත්වය නිසා කෙසෙල් පලදාව ද විනාශ වී ඇති අතර එසේම අත්‍යවශ්‍ය ප්‍රවාහන මාර්ගයේ වසා දැමීමෙන් පවතින අස්වැන්න වත් බෙදාහැරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
සුපිරි වෙළඳසැල් දැවැන්තයින් වන Coles සහ Woolworths යන සමාගම් දෙකම සැපයුම් හිඟය කළමනාකරණය කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා.

කෙටි කාලයක් සදහා පාරිභෝගිකයින්ට රට පුරා සුපිරි වෙළෙඳසැල් හි කෙසෙල් හිගයක් දක ගත හැකි අතර
හැකි ඉක්මනින් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳසැල් පාලනාධිකාරිය පවසනවා.