Search

මියගිය ලසන්තගේ බිරිඳට ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක්

ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ බිරිය සොනාලි සමරසිංහ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා.

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් විසින් මෙම තීරණය ගනු ලැබ ඇති අතර පත්වීමට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

තම සැමියාගේ ඝාතනයෙන් පසුව ජීවිත තර්ජන මත ලංකාව හැර ගිය සොනාලි සමරසිංහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිනියක ලෙසින්ද සේවය කළා.

ස්වයං පිටුවහලේ සිටිමින්ද ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි ඇය දිගින් දිගටම යුක්තිය වෙනුවෙන් සටන් කළ අයෙක්.

ඇය විමර්ශනාත්මක ජනමාධ්‍යවේදිනියක මෙන්ම නීතිඥවරියක් ලෙස සේවට කරනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »