Search

Coffee නිසා තවත් රෝගයක් සුව අතට

කෝපි කෝප්පයෙන් දියවැඩියා රෝගය අඩු කර ගත හැකි බවට නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

අධ්‍යයනය සඳහා තෝරාගත් කෝපි පානය කරන්නන් දෙලක්ෂ අනූ දහසක් අතරින් දහ තුන් දහසක් පමණ ටයිප් ටූ වර්ගයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි හෙළිව ඇත්තේ.

සීනි මිශ්‍ර නොකර බ්ලැක් කොෆි පානය කරන්නන්ට දෙවන වර්ගයේ දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම සියයට 10 කින් අඩු බවද ඔවුන් පෙන්වාදෙනවා.

කෝපි පානය කරන්නන් වයසට යත්ම අඩු බරක් ලබා ගැනීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු විය හැකි බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි.

සීනි හෝ කෘතිම රසකාරක එක්කිරීමෙන් කෝපිවල ඇති ගුණාත්මක භාවය අඩු වන බවද ඔවුන් කියාසිටියා.

දිනපතා කැෆේන් හෝ ඩෙකාෆ් කෝපි පානය කිරීමෙන් මිනිසුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම්, උදාසීන හැසිරීම් සහ පාරම්පරික ටයිප් ටූ වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම සියයට 10 කින් අඩු වන බවයි පර්යේෂකයින්ගේ මතය වන්නේ. 

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »