
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Parramatta වැසියන් සදහා වන වීසා ගැටලු වලට පිළිතුරු ලබා දීමේ දෙදින වැඩසටහනක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලබන පෙබරවාරි මස ආරම්භ කිරීමට පියවර තිබෙනවා.
ඒ අනුව නිව් සවුත්වේල්ස් හි සිටින සංක්‍රමණිකයින්ගේ වීසා බලපත්‍රය මෑතකදී කල් ඉකුත් වී ඇත්නම් හෝ කල් ඉකුත් වීමට ආසන්නව ඇති අය සදහා මෙය වඩාත් වැදගත්වනු ඇති.
ඒ අනුව පෙබරවාරි 18 වනදා City of Parramatta Library හි මෙම හමුව පැවැත්වෙනවා.

උදෑසන 10 සිට සවස 4 දක්වා කාලයන් හි එහි පැමිණ ඔබේ සියලුම සංකමණික ගැටලු වලට අදාළ උපදෙස් ලබා ගැනීමේ හැකියාව හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සාමාජික කණ්ඩායමක් මෙලෙස Parramatta වෙත පැමිණ අදාළ උපදෙස් නොමිලේම ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබට පවතින සියලුම සංක්‍රමණික ගැටලු වලට අදාළ පිළිතුරු දැනගැනීමට මෙහිදි අවස්තාව හිමි වන අතර ඒම අවස්ථාව මග නොහරින ලෙස දෙපාර්තමේන්තුව සංක්‍රමණිකයුන්ගෙන් ඉල්ලා සිටිනවා