Search

ශූරයන්ගේ කුසලානයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් රැසක් ඉවතට

එළඹෙන ශූරයන්ගේ කුසලානය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතය තුළ මේ වනවිට අර්බුද රැසක් නිර්මාණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා සංචිතය සදහා නම් කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව ආබාධ තත්වයන් හේතුවෙන් නායක පැට් කමින්ස් සහ ජෝෂ් හේසල්වුඩ් ඔස්ට්‍රේලියා සංචිතයෙන් ඉවත් වී තිබෙනවා.

ඉකුත් දා මිචෙල් මාෂ් ද කොන්දේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියා සංචිතයෙන් ඉවත් වීමට තීරණය කළා.

මේ අතර ශූරයන්ගේ කුසලානය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතය නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙන බව මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු ද ශූරයන්ගේ කුසලානය සදහා සහභාගී නොවන බවටයි තොරතුරු සදහන් වන්නේ.

මෙම තත්වය තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අවාසි සහගත වනු ඇති බව ද එහි වැඩිදුරටත් සදහන්.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »