Search

Solo Travel සඳහා ලොව හොදම නගර අතර මෙල්බන් පෙරමුණටම

ලෝකයේ සෝලෝ ට්‍රැවල් කරන්නන්ට හොඳම ආරක්ෂික නගර අතර මෙල්බන් නගරයද එක්ව තිබෙනවා.

TripAdvisor විසින් සිදුකළ සමීක්ෂණයකදී ලොව පුරා solo සංචාරකයින් සඳහා හොඳම නගර දහය නම් කල අතර මෙල්බන් වලට හිමිවන්නේ 10වන ස්ථානයයි.

මෙල්බන් නගරය පහසුවෙන් තනිවම සංචාරය කළ හැකි ආකාරයට නිර්මාණය කිරීම මීට ප්‍රධාන හේතුව බවයි TripAdvisor ආයතනය පෙන්වාදෙන්නේ.

මෙහිදී ෆෙබරේෂන් චතුරශ්‍රය, රාජකීය උද්භිත උද්‍යානය, වික්ටෝරියාහි ජාතික ගැලරිය වැනි ප්‍රධාන ස්ථාන නැරඹීමට සිටි සර්කල් ට්රෑම් රථය මගින් පහසුවෙන් ගමන් කළ හැකි බව ඔවුන් කියාසිටියා.

එමෙන්ම මෙල්බනයේ ත්‍රාසජනක ක්‍රීඩා, යාරා නිම්නයේ වයින් රස බැලීමට හා හීල්ස්විල් අභය භූමියේ කෝලා සහ කැන්ගරුවන් නැරඹීමට ද ඔවුන්ට හැකි වනු ඇති.

මෙවර TripAdvisor ඒකල සංචාරක ආකර්ෂණීය නගර අතර පළමු තැන හිමි වන්නේ දකුණු කොරියාවේ සෝල් අගනගරය වන අතර දෙවැන්න නේපාල් හි කත්මන්ඩු නගරයයි. එහිදී මෙල්බන් නගරයට හිමිව ඇත්තේ දහ වන ස්ථානයයි.

These are the best solo travel destinations in the world, according to TripAdvisor

  1. Seoul, South Korea
  2. Kathmandu, Nepal
  3. Cusco, Peru
  4. Bangkok, Thailand
  5. Osaka, Japan
  6. Dubai, UAE
  7. Kyoto, Japan
  8. Chiang Mai, Thailand
  9. Reykjavik, Iceland
  10. Melbourne, Australia

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »