Search

ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ “පුතා” සත්වෝද්‍යානයකට

ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පළමු පිරිමි අලියා නිදහස් සත්වෝද්‍යානයකට මුදාහැර තිබෙනවා.

පහළොස් හැවිරිදි ලූක් චායි නමැති මෙම අලියා මෙල්බන් සත්වෝදනයක සිට කිලෝමීටර් 40 ක් දුරින් පිහිටි (Werribee Open Range Zoo) වෙරිබි ඕපන් රේන්ජ් සත්වෝද්‍යානය වෙත යැවූ බවයි මාධ්‍ය වාර්තා කියාසිටියේ.

ලුක් චායි නමේ තේරුම වන්නේ තායි භාෂාවෙන් “පුතා” යන අදහස වන අතර  වයස අවුරුදු 15 ක් වයසැති මෙම අලියා මේ වනවිට පැටවුන් තුන් දෙනෙකුගේ පියෙකු වනවා.

ඇත් ගොව්වන් 21 දෙනෙකු, දොඹකර සහ ට්‍රක් රථ, පශු වෛද්‍යවරුන්, ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ වික්ටෝරියා පොලීසිය ඇතුළු සියගණනක් එක්ව අලියා වනයට මුදාහැරීමට කටයුතු කළ බවද වාර්තාවල සඳහන්.

ලූක් චායි, 2009 වසරේදී සිඩ්නිහි ටොරොන්ගා සත්වෝද්‍යානයේදී උපත ලැබූ අතර එවිට බර කිලෝග්රෑම් 4280 ක් විය.‍

මෙල්බන් සත්වෝද්‍යානයේ සිටින අනෙක් ආසියානු අලි ඇතුන් අට දෙනාද ඉදිරියේදී ලූක් චායි සමග එක් කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉදිරි සති කිහිපය තුළ මහජනතාවට ඔවුන් නැරඹීමට ද අවස්ථාව සලසන බව බලධාරීන් දැනුම් දුන්නා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »