Search

සංක්‍රමණිකයන් ගැන ඔස්ට්‍රේලියා ජනතාවගේ මතය මෙන්න

immi

ඔස්ට්‍රේලියානු ජනතාව සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය පිළිබඳ වැරදි අවබෝධයක පසුවන බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

රට තුළ සංක්‍රමණික ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියානුවන් පන් දහසකගෙන් සියයට 50 ක් ම සිතා සිටින බවයි අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිරණයේ සියලු පක්ෂවල ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ ද සංක්‍රමණියන් පිළිබඳවයි.

විපක්ෂ නායක පීටර් ඩර්ටන් මීට පෙර ද නිවාස අර්බුදය විසඳීමට සංක්‍රමණික මට්ටම කපාහැරිය යුතු බවට පොරොන්දු වුණා. එමෙන්ම කම්කරු රජයද පවසා ඇත්තේ මෙම වසර තුළ ශුද්ධ සංක්‍රමණය කපා හැරීමට සැලසුම් කරන බවයි.

නමුත් සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය, කොවිඩ් ලොක්ඩවුන් හමුවේ දේශ සීමා වසා දැමීම නිසා අඩු වී ඇති බවයි අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් පවසා ඇත්තේ සංක්‍රමණිකයන් අඩු කළද විදේශීය ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩිකළ යුතු බවයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »