
ඔස්ට්‍රේලියාවේ පාසල් තුළ දුරකථන භාවිතය තහනම් කිරීමෙන් සිසුන්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වයට විශේෂ බලපෑමක් නොවූ බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
සියලුම ඕස්ට්‍රේලියා ප්‍රාන්තවල පාසල් සහ බොහෝ කතෝලික හා ස්වාධීන පාසල් වල සිසුන්ට ජංගම දුරකථන භාවිත කිරීම මීට පෙර තහනම් කරනු ලැබුවා.
ළමුන් දුරකථන සහ සමාජ මාධ්‍ය තුළ වැඩි කාලයක් පරිහරණය කිරීමෙන් අධ්‍යාපනය දුර්වලවීම, ව්‍යායාම් නොමැතිකම, කම්මැලිවීම සහ වැඩි නින්දකට හුරුවීම එම තහනමට හේතුව බවයි ඔස්ට්‍රේලියා බලධාරීන් අවධාරණය කළේ.

නමුත් බ්‍රිතාන්‍ය සිදුකල නව අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ පාසල තුළ දුරකථන තහනමෙන් ළමුන්ගේ මානසිකත්වය හෝ ශරීර සෞඛ්‍ය යහපත්වීමට ඉන් කිසිදු බලපෑමක් නොවූ බවයි.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වාදෙන්නේ මිනිත්තු 30 ක් හෝ 40 ක් පාසල තුළ දුරකථන භාවිතය අවම කළද ඇතැම් දරුවන්ට නිවසේදී එම තහනම සිදු නොවීමයි.

එමෙන්ම නව යොවුන් වියේ දරුවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම දියුණු කිරීම සඳහා දුරකථන භාවිතය පිළිබඳ දැඩි සැලකිල්ලක් ගත යුතු බවද බලධාරීන් අවධාරණය කළා.