
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 06) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 193 කට ආසන්න වී තිබෙනවා.
එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 192යි ශත 17 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 182 යි ශත 87 ක් ලෙසයි.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 303 යි ශත 17 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 294 යි ශත 50 ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 186 ක් වු අතර පසුගිය දෙසැම්බර් 3වනදායින් පසු ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය 193ක සිමාවට ලගාවු පළමු අවස්ථාව මෙයයි.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 316. 78 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 304.32 ක් ලෙසයි.