Search

සිඩ්නි මහාපරිමාණ ගංජා වගාවක් වටලයි

ganja

ගංජා පැළ දහස් ගණනක් වගා කළ පුද්ගලයන් තිදෙනෙකු‍ සිඩ්නි හි නිරත දිග ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලෙප්ටන් හි ඉන්ගල්බර්න් පාරේ පිහිටි දේපලක සිදුකළ සෝදිසියකදී ගංජා පැළ 5000 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසි විසින් ප්‍රදේශය වැටලීමේදී ඔවුන් පළාගොස් ඇති නමුත් පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළායාමේදී පොලිස් සුනඛ සපාකෑමට ලක්වූ එක් පුද්ගලයෙකු මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි පොලීසිය කියාසිටියේ.

අත්අඩංගුවට පත්වූවන් අවුරුදු 23, 43, සහ 39 වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළා.

ඕස්ට්රේලියාවේ ගංජා භාවිතය නීති විරෝධී වන නමුත් ඒ සම්බන්ධ නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්  වනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »