
නීති විරෝධි පත් පැන් විෂ වීමෙන් සංචාරකයින් හය දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට සහාය වීමට ඔස්ට්‍රේලියානු රජය කළ ඉල්ලීම ලාඕස බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නොවැම්බර් මස ලාඕසයේ සංචාරයක් අතර තුර මෙල්බන් තරුණියන් දෙදෙනෙක් මෙලෙස මෙතනෝල් මිශ්‍රිත මත්පැන් පානය කිරීමෙන් රෝගිව මියගොස් තිබුණා.
ගෝල්ඩ්ස්ටයින් හි ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Zoe Daniel, හොලිගේ පියා වන ෂෝන් වෙනුවෙන් ලාඕසයේ පොලිස් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීන කිරීමක් අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ (AFP) උපකාරය ලාඕස නිලධාරීන් විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති බව නියෝජ්‍ය අගමැති රිචඩ් මාර්ල්ස් පාර්ලිමේන්තුවේදී පැවසුවා.
විමර්ශන සදහා ෆෙඩරල් රජය කළ ඉල්ලීම ලාඕස බලධාරීන් ප්‍රතික්ශේප කර තිබුණා.
