Search

වික්ටෝරියා ජනාකීර්ණ ස්ථානයක දී ව්‍යාජ ගිනි අවි පෙන්නා මිනිසුන් බිය කළ ළමුන්ට වැඩ වරදි

වික්ටෝරියා ප්‍රාන්තයේ Mornington ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙසට ව්‍යාජ ගිනි අවි පෙන්වා බිය වැද්දීමක් සිදුකළ ළමුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනාම නව යොවුන් වියේ පාසැල් යම පිරිමි ළමුන් තිදෙනෙකු බවයි හදුනාගෙන ඇත්තේ.

අද පෙරවරු 10.40 ට පමණ Somerville හි පිහිටි
සාප්පු මධ්‍යස්ථානය දී මොවුන් මෙම මෙම ව්‍යාජ තුවක්කු සොරකම් කර ඇති බව සදහන්.

පසුව ඔවුන් එම සාප්පු මධ්‍යස්ථානය තුළ ගමන් කරමින්
එහි වූ පුද්ගලයින්ට තුවක්කු පෙන්වා තර්ජනය කර බියගන්වා ඇති බව වාර්තා වී තිබෙනවා.

එම අවස්ථාවේදීම හදිසි ඇමතුම් අංක වෙත ලද තොරතුරක් අනුව පොලීසිය එම අවස්ථාවේදීම සැකකාර ළමුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මේ සම්බන්ධ CCTV දර්ශන ඇතිනම් පොලීසිය වෙත භාර දෙන ලෙස මහනතාවට දැනුම් දෙනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »