
ලොව අංක එකේ බිලියන පතියා වන ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ අලෙවිය යුරෝපය පුරාද පහත වැටී තිබෙනවා.
ජර්මනියේ AFD පක්ෂ නායකත්වය දරණ බවට ඊලෝන් මස්ක් සජීවි මාධ්‍යයක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාරිභෝගිකයන් ටෙස්ලා සඳහා ඉල්ලුම අඩුකර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.
ජර්මනිය තුළ නව ටෙස්ලා මෝටර් රථ ලියාපදිංචිය වසරින් වසර සියයට 60 කින් පමණ දරුණු ලෙස පහත වැටී ඇති බව පර්යේෂණ වාර්තාවක සඳහන්.

එමෙන්ම ප්‍රංශයේ ටෙස්ලා අලෙවිය සියයට 63 කින් පහත වැටී ඇති අතර ස්විඩනයේ එය සියයට 44 කින් පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.
නෝර්වේ හි සියයට 38 කින් ද නෙදර්ලන්තයේ සියයට 42 කින් ද එක්සත් රාජධානියේ ද ටෙස්ලා සමාගම සඳහා ඉල්ලුම අඩු වී තිබෙනවා.

යුරෝපයේ අනෙක් EV මෝටර් රථ සඳහා ඉල්ලුම වැඩිවීම ද ටෙස්ලා සමාගමේ ඉල්ලුම පහත වැටීමට හේතුවනු ඇති.