Search

මෙල්බන් දුම්රිය රියදුරන්ගේ වැටුප් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තවල සේවය කරන දුම්රිය රියදුරන්ගේ වාර්ෂික වැටුප් පිළිබඳව නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

පසුගියදා අවසන් වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනයත් සමග ඔවුන්ගේ වැටුප් පිළිබඳව සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති බවයි පැවසෙන්නේ.

Indeed හි දත්තවලට අනුව අනාවරණය වී ඇත්තේ මෙල්බන් හි සේවය කරන සාමාන්‍ය දුම්රිය රියදුරෙකුගේ වාර්ෂික වැටුප ඩොලර් 110,124 ක් වන බවයි.

කෙසේ වෙතත් දිගු සේවා පළපුරුද්දක් සහිත දුම්රිය රියදුරන්ට මෙල්බන් හීදි වසරකට ඩොලර් 182,000 ක ආදායමක් උපයා ගැනීමට අවකාශය හිමි වනවා.

සිඩ්නි හි සේවයේ නියුතු දුම්රිය රියදුරෙකුට අතිකාල දීමානා ද ඇතුලුව දළ වශයෙන් ඩොලර් 128, 196 ක වාර්ෂික වැටුපක් හිමි වන බවයි එහි දැක්වෙන්නේ.

අතිකාල දීමනා හැර බ්‍රිස්බන් හි සාමාන්‍ය දුම්රිය රියදුරකුගේ වාර්ෂික වැටුප ඩොලර් 100,000 පමණ වනවා.

කෙසේ වෙතත් Indeed දත්ත හරහා අනාවරණය වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත දුම්රිය රියදුරන් සදහා ගෙවනු ලබන ඉහළම වැටුප ඩොලර් 153,000 ක් පමණ වන බවයි.

ඒ සදහා ද අතිකාල දීමනා ඇතුලත් වී නැහැ.