
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අද (06) ආරම්භ වනවා.
මෙල්බන් වේලාවෙන් සවස 3.30 ට ඇරඹෙන තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
අද තරගය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

ඒ අනුව ඕෂද ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දු වෙනුවට පැතුම් නිස්සංක, රමේෂ් මෙන්ඩිස් සහ ළහිරු කුමාර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 2011 වර්ෂයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අද සිය ටෙස්ට් දිවියේ 100 වන තරගය සදහා සහභාගී වනවා.
එම තරගයෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට නියමිතයි.