
වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියට තවත් ගැටළුවකට මුහුණ දීමට සිදු වී තිබෙනවා.
ඒ ප්‍රාන්තය වෙත GPS සේවාවන් ලබා දෙන BilSafe Australia සමාගම වසා දැමීමට තීරණය කිරීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
වික්ටෝරියා ප්‍රාන්ත පොලීසිය වෙත ඇප මත නිදහස් කර සිටින අපරාධකරුවන් නිරීක්ෂණය කිරීම සදහා අවශ්‍ය GPS තාක්ෂණික සේවාව සපයා තිබුණේ අදාළ සමාගම විසිනුයි.

Bilsafe Australia සමාගම හදිසියේ වසා දැමීමට පියවර ගැනීමත් සමඟ ප්‍රාන්ත ආරක්ෂක අංශ වෙත අපරාධකරුවන් පිළිබඳව තොරතුරු හදුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන නඩු පැවරීමේ කාර්යාලය (Public Prosecution Office) වෙත දැනුම් දීමටයි ප්‍රාන්ත රජය විසින් පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අවධාරණය කර ඇත්තේ අදාළ සමාගම කඩා වැටී ඇති බව තමන් නොදැන සිටි බවයි.