
වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි Coles සහ Woolworths සුපිරි වෙළදසැල්වල කලක පටන් පැවති බිත්තර හිඟය තවදුරටත් වර්ධනය වී තිබෙන බවට හදුනාගෙන තිබෙනවා.
වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ACT යන ප්‍රාන්තවල H7NB Avian Influenza රෝගය පැතිරී යන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම බිත්තර හිඟය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් කුකුළු ගොවිපළවල් වල සිටි කුකුළන් විශාල ප්‍රමාණයක් ප්‍රමාණයක් මරා දැමීමට සිදු වී තිබෙනවා.

පවතින බිත්තර හිඟයට මෙය ප්‍රධාන හේතුවක් බවට පත් වී තිබෙන බවයි විශේෂඥ මතය වී ඇත්තේ.
මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට අදාළ රෝගී තත්වය සිදුවූ බලපෑම හේතුවෙන් සුපිරි වෙළදසැල් සදහා ලැබෙන බිත්තර ප්‍රමාණයේ අඩුවක් පෙන්නුම් කෙරෙනවා.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා වෙළදසැල් වල එවැනි බිත්තර හිඟයක් පවතිනවද යන වග මෙතෙක් හදුනගෙන නැහැ.