
ගැබිණි කාන්තාවක් හදිසියේම ඇඩිලේඩ් හි පිහිටි පාසලකට කඩා වැදී තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ Gilles Plains හි St Paul’s පාසලෙන් බවයි සදහන් වන්නේ.
එහිදී ඇය එම පන්ති කාමරයේ සිසුන් වෙත බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පන්ති කාමරය තුළදී තම දියණියට නිරතුරුව සිදුවන හිරිහැර හේතුවෙන් තමන්ට මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බව අදාළ කාන්තාව විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය විසින් පෙන්වා දී ඇත්තේ මේ හේතුවෙන් තම දියණිය එක් අවස්ථාවක දී සියදිවි නසා ගැනීමට පවා පෙළඹුණු බවයි.

පන්ති කාමරයේ දී සිදුවන මෙම හිරිහැර හේතුවෙන් ඇය පාසල් යාම පවා ප්‍රතික්ෂේප කරන බවයි දැරියගේ මව විසින් ප්‍රකාශ කර ඇත්තේ.
තම හදිසි කෝපය වෙනුවෙන් ඇය සමාව ඉල්ලා සිටි අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.