
මෙරට රජයේ රෝහල් සදහා ලබා දෙන Medicare අරමුදල් ප්‍රමාණය ඉහළ දැමීමට ෆෙඩරල් රජය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියා රජයේ රෝහල් වෙත ලබා දෙන Medicare අරමුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1.7 කින් ඉහළ දැමීමටයි පාලක කම්කරු පක්ෂය විසින් තීරණය කර ඇත්තේ.
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් නිවේදනය කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සහ Medicare පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම අතිරේක අරමුදල් ප්‍රමාණය යෙදවූ බවයි.

මෙම අරමුදල් ප්‍රමාණය රටේ සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශ ආවරණය වන පරිදි බෙදා හැරීමට නියමිතයි.
පසුගියදා ඔස්ට්‍රේලියා වෛද්‍ය සංගමය (AMA) විසිබ් Medicare වැඩසටහන ප්‍රතිසංස්කරණය කළ යුතු බවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් ද සිදු කර තිබුණා.

නව ප්‍රතිසංස්කරණය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයට හිමි වන අරමුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 402 ක් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.