Search

වසර ආරම්භයේම වික්ටෝරියා ප්‍රාන්තයට $ බිලියන 1.2ක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ සුළං බලය යොදාගනිමින් බලශක්තිය නිපදවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ඒ අනුව නිරිතදිග වික්ටෝරියා හි නෙල්සන් සහ පෝට්ලන්ඩ් අතර නව සුළං බලාගාරයක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Kentbruck Green Power Hub නම් මෙම බලාගාරය ඉදි කිරීම සදහා ඩොලර් බිලියන 1.2 ක මුදලක් වැය වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

මෙම බලාගාරය තුළ ටර්බයින 100 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට ද නියමිතයි.

අදාළ ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ Neoen Australia සමාගම විසින් වීම ද කැපී පෙනෙනවා.

ඒ හරහා සෑම වසරකම ගිගා වොට් පැය 2000 ක් පමණ බලශක්ති උත්පාදනයක් ඉදිරියේ දී සිදු වනු ඇති.

කෙසේ වෙතත් මෙම බලාගාරය Discovey Bay නම් Ramsar තෙත් බිමක් ආසන්නයේ ඉදි වනවා.

මෙම කලාපය තුළ වඳවී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින Southern Bent Wing වවුලන්ගේ නිවහන ලෙසයි සැළකෙන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »