Search

වික්ටෝරියා හි වේගයෙන් පැතිරෙන රෝගයක් ගැන අවදානයෙන් ඉන්න!

වික්ටෝරියා ප්‍රාන්තය තුළ “Q Fever” රෝගී තත්වය පැතිරී යෑම වර්ධනයක් පෙන්නුම් කරන බවට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් හදුනා ගෙන තිබෙනවා.

මෙම රෝගය සතුන් හරහා මිනිසුන්ට බෝවන මෙම රෝගයේ සැලකිය යුතු වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තරුන් වීරමන්ත්‍රී විසින් අවධාරණය කර ඇත්තේ.

Q Fever රෝගී තත්වය ඔස්සේ දිගු කාලීන නිදගන්ගත රෝගී තත්වයන් ඇති කළ හැකියි.

සත්ත්ව නිෂ්පාදනයන් (ගොවිපළවල්) සමඟ නිරතුරුව කටයුතු කරන පුද්ගලන්ට මෙම රෝගය වැළදීමේ වැඩි අවදානමක් පවතිනවා.

ප්‍රධාන වශයෙන් මෙම රෝගය බෝ වන්නේ ගවයන්, බැටළුවන් සහ එළුවන් වැනි සත්ත්වයන්ගෙන් බවයි හදුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත්තේ Q Fever නිවසේ ඇති කරන සුනඛයින් සහ පූසන්ගෙන් පවා බෝ විය හැකි බවයි.

පසුගිය වසරේ දී ප්‍රාන්තය පුරා Q Fever රෝගීන් 77 ක් ද 2023 වර්ෂයේ දී රෝගීන් 35 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ 2024 වර්ෂයේ දී පමණක් Q Fever රෝගීන් 848 දෙනෙකු වාර්තා වී තිබෙන බවයි සෞඛ්‍ය වාර්තා ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »