
උදෑසන ආහාරයට බිත්තර එක් කර ගැනීම සම්බන්ධයෙන් මොනෑෂ් විශ්ව ව්ද්‍යාලය විසින් නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.
එහිදී හදුනා ගෙන ඇත්තේ උදෑසන ආහාරයට බිත්තට එක් කර ගැනීම තුළින් මාරාන්තික හෘද රෝග වැළදීමේ අවදානම අවම විය හැකි බවයි.
නිරතුරුව බිත්තර ආහාරයට ගන්නා නිරෝගී වැඩිහිටි පුද්ගලයන්ගේ හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අනුපාතය 29% කින් පමණ අඩු වන බව ද මෙම අධ්‍යයනය ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

බිත්තර ආහරයට නොගන්නා වැඩිහිටි පුද්ගලයින් හා සැසදීමේ දී නිතර බිත්තර ආහාරයට ගන්නා වැඩිහිටියන්ට හෘද රෝග වැළදීමේ අවදානම අඩු මට්ටමක පවතින බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.
මෙම පර්යේෂණය සදහා අවුරුදු 70 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල පසුවන වැඩිහිටි පුද්ගලයින් 8756 දෙනෙකු සම්බන්ධ වී තිබෙනවා.

කෙසේ වෙතත් සාමාන්‍ය කොලොස්ටරෝල් මට්ටමක් සහිත වැඩිහිටියන් සදහා දිනකට බිත්තර දෙකක් පමණක් ආහාරයට ගන්නා ලෙසයි American Heart Association විසින් නිර්දේශ කර ඇත්තේ.
මින් පෙර සිදු කළ පර්යේෂණවලදී හදුනා ගෙන ඇත්තේ ඉහළ කොලොස්ටරෝල් මට්ටමක් සහිත වැඩිහිටියන්ට බිත්තර ආහාරයට ගැනීමෙන් මරණ අවදානම වැඩි කරන බවයි.