
Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුකම් ඉහළ නංවා තිබෙනවා.
එම වැඩසටහන මඟින් ඉන්දියානු විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට සහ වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාවේ වසර දෙකක් දක්වා ජීවත් වීමට සහ වැඩ කිරීමට ද අවස්ථාව හිමිවන බව සදහන්.
මේ සදහා අයදුම්පත් භාර ගැනීම ජනවාරි 7 වනදායින්
අවසන් වූ අතර මේ වන විට අයදුම්පත් අහඹු ලෙස තෝරාගැනීමක් සිදුකර තිබෙනවා.

එසේ තෝරාගත් සිසුන් සදහා මේ වන විට අදාළ ලිපි යවා ඇති අතර ඔවුන්ට MATES වීසා බලපත්‍රය සඳහා 2025 පෙබරවාරි 7 හෝ ඊට පෙර අයදුම් කිරීම අනිවාර්ය බව සදහන්.
මෙම දිනයෙන් පසු අයදුම්පත් භාර ගනු නොලබන බව වැඩිදුරටත් සදහන් වනවා.

පුනර්ජනනීය බලශක්තිය, පතල් කැණීම, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, කෘතිම බුද්ධිය, මූල්‍ය තාක්‍ෂණය සහ කෘෂිකාර්මික තාක්‍ෂණය සුදුසුකම් ලත් අංශ මීට ඇතුළත් වනවා.
සුදුසුකම් ලද් ඉන්දියානුවන් තෝරා ගැනීම සිදු කෙරෙන අතර මේ සදහා සුදුසුකම් ලත් ඉන්දියානුවන් 3000ක් සදහා වසර දෙකක් මෙරට රැදෙමින් අධ්‍යාපනයෙ සහ රැකියාවේ නිරතවීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.
සුදුසුකම් ලැබූවන් ඉන්දියානු ශ්‍රේණිගත කිරීමේ ඉහළම අධ්‍යාපන ආයතන 100න් එකක සුදුසුකම් ලත් උපාධියක් සම්පූර්ණ කළ යුතු අතර තම උපාධිය 2022 දෙසැම්බර් 9 හෝ ඊට පසුව ලබා තිබිය යුතු බව ද සදහන්.