
ඊයේ (04) රාත්‍රියේ දී ඩොලර් මිලියන 100 ක ජයග්‍රාහයකයෙක් බිහි කළ Oz Lotto ලොතරැයි පතේ හිමිකරුවා නිල වශයෙන් හදුනාගෙන තිබෙනවා.
එම ජයග්‍රාහී කාන්තාව බිහිව තිබුණේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Elizabeth Hills ප්‍රදේශයෙන් බවයි නිල වශයෙන් තහවුරු කර ඇත්තේ.
ජයාග්‍රාහිකාව විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ත්‍යාග මුදලින් නිවසක් මිලදී ගැනීමට සහ නිවාඩුවක් ගත කිරීමට යාමට ඉදිරියේ දී සැලසුම් කරන බවයි.

ලොතරැයි සංවිධායකයන් විසින් මේ පිළිබදව දැනුම් දෙන තුරුම ඇය මෙම සුවිසල් මුදල් ත්‍යාගය ජයග්‍රාහයකයා තමන් බව දැන සිටියේ නැහැ.
කෙසේ වෙතත් ලොතරැයි සංවිධායකයින් විසින් අනුමාන කර තිබුණේ ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් තුනෙන් එකක් පමණ මෙම ලොතරැයි ටිකට් පත් මිලදී ගනු ඇති බවටයි.

මෙය ලොතරැයි ඉතිහාසයේ තනි පුද්ගලයෙකු ලැබූ විශාලතම Oz Lotto ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක් වී තිබෙනවා.