
වික්ටෝරියානු කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබා දීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ අරමුණින් විශේෂඥ ප්‍රතිකාර නොමිලේ ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
විශේෂඥ හෙදියන් විසින් මෙහෙයවනු ලබන ටෙලිහෙල්ත් සේවාවල වෛද්‍ය ආධාර සැපයීම සඳහා ප්‍රජා සෞඛ්‍ය සංවිධාන සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස් පැවසුවේ ග්‍රාමීය කාන්තාවන්ට තම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්දයෙන් ගැටලු රැසක් පවතින අතර නව ක්‍රමවේදය ඔස්සේ සිදුවන අපහසුතා පාලනය කිරීමට හැකි වනු බවයි.
නිවසට සමීපව අදාළ සෞඛ්‍ය වෛද්‍යවරයකු වෙත යොමු වීමට මේ යටතේ අවස්තාව හිමිවනවා.

කාන්තාවන්ට මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම,මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය සහ පවුල් ප්‍රචණ්ඩත්වය, ප්‍රජා උපකාරක සේවා සඳහා මෙහිදි නොමිලේ සේවා සැපයෙනු ඇති.
තවද ජංගම වෑන් රථ මගින් ද මේ සඳහා අවශ්‍ය සායනික පහසුකම් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.