
ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එක්ව සිටි නවක පිතිකරු Sam Konstas ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන Sheffield Shield තරගාවලිය සදහා සහභාගී වීමට බවයි වාර්තා වන්නේ.
නවක පිතිකරු Sam Konstas එම තරගාවලියේ දී නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ඔහුට ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ.
ඒ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දී ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එළඹෙන ජූනි මාසයේ දී පැවැත් වීමට නියමිත ලෝක ටෙස්‍ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී Sam Konstas ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇතැයි විචාරකයින් විසින් අදහස් පළ කර තිබෙනවා.