Search

ක්වින්ස්ලන්ඩ් කලාප වලට තවදුරටත් අනතුරු ඇගවීම් – ගුවන් ගමන්වලටත් බාධා

flood

ගංවතුරෙන් පීඩාවට පත් ක්වින්ස්ලන්ඩ් වැසියන්ට තවදුරටත් කුණාටු සහ අධික වැසි අවදානමක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවනවා.

සක්‍රීය මෝසම් පීඩන තත්වය හේතුවෙන් මෙම සතිය පුරා ටවුන්ස්විල් ඇතුළු කළාපයට වැසි සහ කුණාටු පවතිනු ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ඉන්ග්හැම් නගරයේ පදිංචිකරුවන් මේ වනවිට පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටින අතර එම ජලය පානය කිරීම ආරක්ෂිත නොවන බවයි බලධාරීන් අනතුරු ඇඟවූයේ.

පදිංචිකරුවන් 4500 පමණ බලපෑ මෙම ජල ගැටළුවට විසදුමක් ලෙස ඔස්‍ට්‍රේලියා ආරක්ෂක හමුදාව හෙලකොප්ටර් භාවිත කර ජල පවිත්‍රාගාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා.

පහව යමින් පවතින ගංවතුර තත්වය හේතුවෙන් ටවුන්ස්විල් පචිංචිකරුවන් නැවත සිය නිවෙස් වලට යාම ආරක්ෂිත නමුත්  සැලකිලිමත් වන ලෙසයි බලධාරීන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අද පෙරවරුවේ ක්වින්ස්ලන්ඩ්හි හැමිල්ටන් දූපතට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානයක් පවතින කාලගුණික තත්වය හමුවේ බ්‍රිස්බන් නගරය වෙත හරවා යවා තිබෙනවා.