Search

DeepSeek තහනම ඔස්ට්‍රේලියාවෙත්

ඔස්ට්‍රේලියාවේ සියලු රාජ්‍ය උපාංග සහ පද්ධති වලින් ඩීප්සීක් ඇප් (DeepSeak App) එක තහනම් කර තිබෙනවා.

චීනය තුළ AI තාක්ෂණය මගින් නිෂ්පාදිත චැට් බෝඩ් යෙදුමක් වන DeepSeek මගින් සම්මත සර්ච් එන්ජින්ස් (search engine) මගින් ප්‍රවේශ විය නොහැකි වෙබ් අඩවි සඳහා ප්‍රවේශ විය හැකියි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ගනුදෙනු, අසභ්‍ය දර්ශන, සූදු ක්‍රීඩා, ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ වංචා දූෂණ ගැන මෙන්ම පෞද්ගලික තොරතුරු ද මෙම DeepSeek App හරහා සොයාගැනීමට පුළුවන්.

මෙය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් ඩීප් සීක් තහනම් කිරීමට තීරණය කළ බවයි ෆෙඩරල් රජය කියාසිටියේ.

මෙම තහනම පෞද්ගලික පුරවැසියන්ගේ උපාංග සඳහා අදාල නොවන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පසුගියදා ඇමරිකාව සහ තායිවාන රජයන්ද ඩීප්සීක් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.