
වික්ටෝරියා අධ්‍යාපනය “අර්බුදයක්” බව STEM (ස්ටෙම්) කණ්ඩායම් අනතුරු අඟවනවා.
වික්ටෝරියා හි දැනුම මත පදනම් වූ ආර්ථිකයක් සඳහා ඉහළ නිපුණතා සහිත කම්කරුවන් නොමැති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
විෂය මාලාවන්හි ක්ෂේත්‍ර උසස් කිරීම හා වැඩි අධ්‍යාපන සම්පත් ලබාදෙන්නැයි STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය) කණ්ඩායම රජයට, විපක්ෂයට හා හරිතයන්ට බලකර සිටිනවා.

2019 වසරේ සිට ද්විතීක විද්‍යාව, ගණිතය පිළිබඳ පාඨමාලාවන් හදාරන්නන් ඉහළ නැංවීමට විවිධ උත්සහයන් ගත්තද ඒ සියල්ල අසාර්ථක වී ඇතැයි ඔවුන් පෙන්වාදෙනවා.
බරපතල ගුරු හිඟය සහ පන්ති කාමර සඳහා ආයෝජන නොකිරීමෙන් දරුවන්ට දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමට රජය අපොහොසත් වී ඇතැයි වික්ටෝරියා රාජකීය සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා කියාසිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දක්ෂ ශ්‍රම බලකායක් ලබාදීම සඳහා ප්‍රාන්තයේ අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කළ යුතු බවයි.