Search

ස්විඩනයේ පාසලක වෙඩි තැබීමක් – 11ක් ජීවිතක්ෂයට

ස්විඩනයේ රිස්බස්කා පාසල තුළ ( Risbergska School) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන මෙම පාසලට ඊයේ දහවල් කාලයේ තුවක්කු කරුවෙකු ඇතුළු වී වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි වාර්තාවන්නේ.

පසුව පොලීසිය හා ප්‍රහාරකරු අතර ඇති වූ වෙඩි හුවරාමාරුවකදී සැකකරුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

තවත් පුද්ගලයන් පස්දෙනකෙු රෝහල් ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙකු ශල්‍ය කර්මවලට භාජනය කළ බවද ස්විඩන පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව තහවුරු වී ඇතැයි   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළා.

රහස් පොලීසිය සහ බුද්ධි අංශ යොදා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහය වන බවයි ස්විඩන පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් කියාසිටියේ.