
ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන ජීවන අර්බුධය මධ්‍යයේ නොමිලේ ආහාර වේලක් ලබා දීමට මෙල්බන් නගරයේ ආපනශාලාවක් පියවර ගෙන තිබෙනවා.
මෙල්බන් හි පිහිටා ඇති ද හෝප් කැෆේ (The Hope Cafe) නම් මෙම අවන්හල විවිධ වර්ගයේ ආහාර ජනතාවට නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සෑම කෙනෙකුටම ජාති ආගම් භේදයකින් තොරව The Hope Cafe වෙත පැමිණ ආහාර ගැනීමට හැකිවීම විශේෂත්වයක්.

සෙන්ට් මාර්ක්ස් (St. Mark’s) දේවස්ථාන භූමියේ මෙම ආපනශාලාව පිහිටා ඇති අතර මේ සඳහා කැපවූ ස්වේච්ඡා සේවකයන් පිරිසක් විසින් එය පවත්වාගෙන යන බව සඳහන්.
2011 වසරේ සිට The Hope Cafe ක්‍රියාත්මක වන අතර ජීවන වියදම් පිඩනය හමුවේ දෛනික ආහාර වේල සම්පූර්ණ කර ගත නොහැකි පුද්ගලයින් සඳහා මෙය විවෘතව තිබෙනවා.

මෙහි සිටින ස්වේච්ඡා සේවකයන් සඳහන් කළේ ඇතැම් සතිවල ආහාර ලබා ගැනීමට පැමිණෙන පිරිස වැඩි වීම හේතුවෙන් අවශ්‍ය තරම් ආහාර ලබාදීමට ද නොහැකි වූ බවයි.
තවද මුළුතැන්ගෙයෙහි ස්වේච්ඡා සේවයට පිරිස අවශ්‍ය බැවින් එම සේවා සදහා දායකත්වය දක්වන ලෙස ඉල්ලීමක් ද කර තිබෙනවා.