
වික්ටෝරියා ප්‍රාන්තයේ පවුල් ඒකක සදහා වැඩිම වියදමක් දැරීමට සිදු වන අංශයන් පිළිබඳව සොයා බැලීමක් සිදු කර තිබෙනවා.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ ඊයේ (04) ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය (ABS) විසින් නිකුත් කර තිබෙන අවසන් කාර්තුවට ආදළ දත්ත වාර්තාව ඔස්සේ බවයි දැක්වෙන්නේ.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්ත පවුල් ඒකක සදහා ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණ ලබා ගැනීම සදහා වැය වන මුදල් 1.5% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ප්‍රාන්ත පවුල් ඒකකවල ප්‍රවාහන වියදම් ද අවසන් කාර්තුවේ දී 1% කින් පමණ වර්ධනය වී තිබෙන බවයි සදහන් වන්නේ.
ඊට අමතරව භාණ්ඩ හා සේවා සදහා වැය වන වියදම් ද 0.9% කින් වර්ධනය වී තිබීම ද කැපී පෙනෙනවා.

ඇදුම් පැළදුම් සදහා වන වියදම් 0.7% කින් ද ආහාර වියදම් 0.4% කින් ද වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මත්පැන් සහ දුම්වැටි සදහා වැය වන මුදල් ප්‍රමාණය 0.8% කින් අඩු වී තිබෙන අතර ප්‍රාන්ත වැසියන්ගේ සෞඛ්‍ය වියදම් ද 0.7% කින් පහත වැටී තිබෙන බවයි එම දත්ත වාර්තාවේ වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.