Search

වික්ටෝරියා නාය යෑමක සුලමුල සොයන්න විශේෂ පරීක්ෂණයක්

පසුගිය මාසයේ දී වික්ටෝරියා හි මෝනිංටන් අර්ධද්වීපයේ මැක්‍රේ හී සිදුවූ නාය යෑම සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රාන්ත රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ඊට හේතුව සොයා බැලීම සහ ඉන් සිදුවූ බලපෑම පිළිබද සියා බැලීම සදහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම පරීක්ෂණ කටයුතු විශේෂ විමර්ශන මණ්ඩලයක් වෙත පවරා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් පෙන්වා දී ඇත්තේ නායයෑමට හේතුව සොයා බැලීම මෙන්ම නාය යෑම් වළක්වා ගැනීම සදහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද අධ්‍යයනය කිරීම මෙහි මූලික අරමුණ බවයි.

මෙම තත්වය හේතුවේ ඒ අවට නිවාස කිහිපයක ජනතාව ද ඉවත් කිරීමට බලධාරීන් විසින් ඉකුත් දා පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් එම නිවැසියන් නැවත නිවාස වෙත යොමු කිරීමේ වැඩසටහනක් මෙතෙක් ආරම්භ කර නැහැ.

2025 වර්ෂය අවසන් වනවිට විමර්ශන මණ්ඩලය ප්‍රාන්ත රජය වෙත මේ සම්බන්ධව අවසන් වාර්තාව භාර දීමට නියමිතයි.